Australia visit 11,12/2017

නොවැම්බර් 2 රාත්‍රියේදී සිඩ්නිවලට වැඩම කළ අතර එදා මෙදාතුර සියලු දෙනා අපව හොඳින් බලාගත් අතර වටිනා සහයෝගයක් ලැබුනි. සියලු දෙනා කෙරෙහි ඉමහත් කරුණාවෙන් අපගේ කෘතවේදීභාවය පළ කරසිටිමි. මේ වෙලාවේ බ්‍රිස්බේන් යාම සඳහා ගුවන් තොටුපලේ සිටිමි. අප විසින් කරගන්නට යෙදුනු පින් සියලු දෙනා අනුමෝදන් වෙත්වා!

Dalada Maligawa Pirith Sajjayana /Seelagawesi Thero

අද උදේ දුප්පත් අයට ඉඳියප්පන් පාර්සල් බෙදාදීමෙන් පසු සුදු නෙලුම් මල් පූජාව, මෛත්‍රී භාවනාව හා බොජ්ඣංග දේශනාව මහනුවර දළඳා මාලිගාවේදී සිදු කර ඇති බව සතුටින් සිහිපත් කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා!

සීලගවේසී හාමුදුරුවෝ ,Seelagawesi Thero