ලියුකේමියා රෝගී දරුවාට ආශිර්වාද

ඊයේ හවස ගලගෙදරදී ලියුකේමියා රෝගී දරුවා හමුවුනා. ඇය හසිනි නිසංසලා මුතුගල. ඇයගේ සුවපත්භාවය උදෙසා උපකාර වන දොලොස්විධ ප්‍රතිපත්ති මාලාවක් සකස් කරගන්නට අපට හැකියාව ලැබුනා. තව මාස තුනක්වත් ඇය ජීවත් නොවන බව ප්‍රකාශ කොට තිබුනත් දෙමව්පිය දෙපළ මහත් සතුටින් ඇයගේ සුවපත්භාවය වෙනුවෙන් සියලු කටයුතු කරන්නට අධිෂ්ඨන කළා.
ලබනවර අපොස සා/පෙල විභාගයට සචිනිත් සමඟම පෙනී සිටින්නට ඇයගේ යෙහෙළියන් දෙදෙනෙකු වන බුද්ධිනි හා කල්පනී විශේෂයෙන් සත්‍යක්‍රියා කරන්නට ඉදිරිපත් වුනා. විශාල උනන්දුවකින් Telepathic Healing කරන්නට බුද්ධිනීගේ අම්මා ඉදිරිපත් වුනා. කල්පනීගේ අම්මා Antioxidents අන්තර්ගත විශේෂ ආහාරයක් සකස් කරන්නට සතුටින් ඉදිරිපත් වුනා.
විශේෂ බෙහෙතක් සකස් කරන්නට අපි මාවනැල්ලේදී එකතු වන්නට තීරණය කළා. Healing Energy උපකාර කරගන්නා අන්දම පිළිබඳ යහපත් පුහුණුවක් හසිනි දියණියගේ දෙමව්පියන් දෙපළට ලබාදුන්නා. ආධ්‍යාත්මික ශක්තීන් ඇසුරින් සුවපත්විමේ ක්‍රම පිළිබඳව හසිනිව උනන්දු කළා.
උපපීළක හා උපඝාතක කර්ම බලවේගයන් අකර්මණ්‍ය කරමින්, දිට්ඨධම්මවේදනීය වශයෙන් විපාක දෙන ඉහළ කුසල කර්මයන්ට හිත යොමුකරන්නට අපි සැවොම උනන්දු වූවා. පැය පහකට අධික කාලයක් කිසිම වෙහෙසක් නැතිව අපි සැම ඇය වෙනුවෙන් කටයුතු කළා. ඇයගේ සුවපත්භාවය පිළිබඳ නිසැක අධිෂ්ඨාන ශක්තියක් උපදවා ගන්නා අපි සැවොම සමත් වුනා.
ඔබත් මේ දියණියගේ සම්පූර්ණ සුවපත්භාවය උදෙසා කළ යුතු යමක් වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගන්නා බව අපගේ විශ්වාසයයි. ඇයද දුකට පත් සියලු සත්වයෝද සුවපත් වෙත්වා! සැපවත් වෙත්වා!

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *