meditation program for the 5th Death Anniversary of Herman Steur at Welcome Village at Makandur

esterday I was able to lead a meditation program for the 5th Death Anniversary of Herman Steur at Welcome Village at Makandura. Those mothers and fathers were very happy to spend one and a half hours with me. I could meet Rev. Sr. Pauline Peiris and Rev. Sr. Margret Mary after a very long time. I wish that I get some more opportunities to work for elders.

Duvini cow rescued

මාර්තු මස 26 වැනිදා නිදහස් කළ එළදෙන මඩුල්කැලේ පදිංචි පියදාසට පවරා දෙනු ලැබීය. ඇය දුවිනි යනුවෙන් නම් කරන්නට යෙදුනි. මේ සත්ක්‍රියාව තවදුරටත් ඉදිරියට ගෙන යන්න උදව් උපකාර වන සියලු දෙනාටම අපගේ කෘතවේදීභාවය මෙසේ පළ කර සිටිමි.
We rescued this cow yesterday, 26th of March. We call her Duvini. She was handed over to Piyadasa who lives at Madulkelle. We are intend to continue this wholesome deed further. We are grateful to all those who help us time to time.

Chemo Therapy කරගන්න හැකි වායු සමනය කළ ඒකකයක් අද විවෘත කළා

අද අපට විශේෂ යහපතක් උදා වුනා. මහනුවර මහ රෝහලේ පිළිකා රෝගීන්හට පහසුවෙන් Chemo Therapy කරගන්න හැකි වායු සමනය කළ ඒකකයක් අද විවෘත කළා. එය සම්පූර්ණයෙන් ම පිළිසකර කළේ මහජන ආධාරවලින්. පළමු වැනි ආධාර කරුවා බවට පත්වී ඇත්තේ මා කියලයි රෝහල් අධ්‍යක්ෂ වරයා ප්‍රකාශ කළේ. උදේට පැමිණෙන රෝගියාට දහවල් වනවිට නැවත ගෙදර යන්න හැකි ආකාරයටයි මේ ඒකකයේ කටයුතු කළමණා කරනු ලබන්නේ. විවෘත කිරීමේදී පිරිත් දේශනා කොට ආශීර්වාද කරන්නත්, මාගේ පැවිදි ජීවිතයේ 27 වැනි සංවත්සරය වෙනුවෙන් ලැබුණු Sthrthoscope 10 ක් පමණ පූජා කරන්නත් අවස්ථාව ලැබුණා.

Buduguna Ashirwadaya at the Temple of the Tooth Relic

අද හවස 3.30ට මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේදී හැමෝටම සෙත් පතනවා බුදුගුණ ආශීර්වාදය ඇසුරින්. සියලු දෙනාම සැපසේ සුවසේ ජීවිත විහරණය කරත්වා!
Today evening we attend Buduguna Ashirwadaya at the Temple of the Tooth Relic at 3.30 pm. We share wholesome energy with everyone. May everyone find peace and happiness with good health!

මෛත්‍රී භාවනාව හා දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායනා

ඊයේ හවස සගම රජමහ විහාරස්ථ බෝධීන් වහන්සේ අභියස මෛත්‍රී භාවනාව හා ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව වෙනුවෙන් අපි හැම එකතු වුනා. පළමුවෙන්ම සියලු දෙනාටම සංග්‍රහයක් කළා. අනතුරුව තෙරුවන් වන්දනා කළා. මේ අතරවාරයේ විශාල වර්ෂාවක් ඇද හැලුනා. මා වැස්සේම වැඩ සටහන ඉදිරියට ගෙන ගියා. බොහෝ දෙනෙක් ඒ හිටි ඉරියව්වේම වැඩ සිටියා. හැමෝම ඉමහත් සතුටට පත් වුනා. ඒ වැස්ස සගම තදාසන්න භූමියට පමණක් ඇද හැලුණු වර්ෂාවක්වීම ගැන අපි පුදුම වුනා.
මේ අත්දැකීම සැබැවින්ම අපට ආශීර්වාදයක් වුනා. බොහෝම කැපවීමෙන් ධර්ම ප්‍රතිපදාවන්හි නිරත වන්නට අප තුල ඇත්තේ විශාල උනන්දුවක්. සියලු දෙනාගේම සැපය, සුවය හා යහපත පිණිස මේ පින්කම හේතුවේවා!


ගෞරවණීය සගරසුමන ආයුෂ්මතුන් වහන්සේගේ හා ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේගේ උපන් දිනය

අද ගෞරවණීය සගරසුමන ආයුෂ්මතුන් වහන්සේගේ හා ගෞරවණීය සිරිනන්ද ආයුෂ්මතුන් වහන්සේගේ උපන් දිනය. මේ ස්වාමීන් වහන්සේලා දෙනම නිවුන් සහෝදරයින්. ගෝමරය ශ්‍රී සුමේධ භාවනා මධ්‍යස්ථානයේ අධිපති ස්වාමීන් වහන්සේලා දෙනමයි.

මේ ස්වාමීන් වහන්සේ දෙනම බොහෝම වටිනා සාසන මෙහෙවරක් කරන බැවින් බොහෝ දෙනාගේ ආදර ගෞරවයට ලක් වෙනවා. සංසාර දුක කෙළවර කොට නිවන් දක්නා ජාති දක්වාම සුගතිගාමී මෙහෙවරක යෙදෙන්නට ශක්තිය හා ධෛර්යයම වේවා! යි ඉත සිතින් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා

සති සම්පජඤ්ඤය හා භාවනාමය වැඩ සටහන් මාලාව

සති සම්පජඤ්ඤය හා භාවනාමය වැඩ සටහන් මාලාව

දේශන මාලාව

01. පව් පින් – හොඳ නරක පිළිබඳව වැටහීම.

1. කර්ම ඵල.
2. කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම.
3. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර,
ආන්යෙඤ්ඤාභි සංඛාර.
4. කර්මය හා පුනර්භවය.

02. ඇදහීම හා වැටහීම අතර ඇති වෙනස.

1. ආරය.
2. පරිසරය.
3. ආගමික ඉගැන්වීම්.
4. සම්ප්රදායන්.

03. ගැටලු හඳුනා ගැනීම, සමථයකට පත් කරගැනීම හා විසඳාගැනීම පිළිබඳ මුළික අවබෝධය.

1. ආධ්යාත්මික දුර්වලතා මුල් කරගත් ගැටලු.
2. බාහිර ලෝකය මුල් කරගත් ගැටලු.
3. පවුල් ප්රශ්න.
4. දාර්ශනික ප්රශ්න.
04. චතුරාර්ය සත්යය හා සති සම්පජඤ්ඤය.

1. දුක්ඛාර්ය සත්යය.
2. දුක්ඛ සමුදාර්ය සත්යය.
3. දුක්ඛ නිරෝධාර්ය සත්යය.
4. දුක්ඛ නිරෝධගාමිනි පටිපදාර්ය සත්යය.

05. ලෞකික සැපය හා ලෝකෝතර සැපය.

1. ලෞකික ගිහි සැපය.
1. අත්ථි සුඛ.
2. භෝග සුඛ.
3. අනණ සුඛ.
4. අනවජ්ජ සුඛ

2. ලෞකික පැවිදි සැපය.
1. අප්පිච්චතාවය.
2. සන්තුට්ඨිතාවය.
3. සුභරතාවය.
4. පවිවේකතාවය.

06. සතර සතිපට්ඨානය.

1. කායානුපස්සනාව.
2. වේදනානුපස්සනාව
3. චිත්තානුපස්සනාව.
4. ධම්මානුපස්සනාව.

07. සතර පධන් වීර්යය.

1. නොකළ අකුසල් නොකිරීම.
2. කරන අකුසල් නොකිරීම.
3. නොකළ කුසල් කිරීම.
4. කරන කුසල් කිරීම.

08. සතර සෘද්ධිපාද.
1. ඡන්දය.
2. චිත්තය.
3. වීර්යය.
4. මීමංසාව.

09. බල පංචකය.

1. සද්ධා
2. විරිය
3. සති
4. සමාධි
5. පඤ්ඤා

10. ඉන්ද්රිය පංචකය.

1. සද්ධා
2. විරිය
3. සති
4. සමාධි
5. පඤ්ඤා

11. සප්ත බොජ්ඣංග ධර්ම.
1. සති
2. ධම්මවිචය
3. විරිය
4. පීති
5. පස්සද්ධි
6. සමාධි
7. උපේක්ඛා

12. ආර්ය අෂ්ඨංගික මාර්ගය.

1. සම්මා දිට්ඨි
2. සම්මා සංකප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6. සම්මා වායාම
7. සම්මා සති
8. සම්මා සමාධි

13. ධ්යානාංග

1. ප්රථම ධ්යානය
2. ද්විතීය ධ්යානය
3. තෘතීය ධ්යානය
4. චතුර්ථ ධ්යානය

14. අභිඤ්ඤා

1. පුබ්බේ නිවේසයානුස්සති ඥාණය
2. සෘද්ධිවිධ ඥාණය
3. දිබ්බ චක්ෂු ඥාණය
4. දිබ්බ ශෝත්ර ඥාණය

15. පටිච්ච සමුප්පාද ධර්මය

1. අවිජ්ජා
2. සංඛාර
3. විඤ්ඤාණ
4. නාමරූප
5. සළායතන
6. ඵස්ස
7. වේදනා
8. තණ්හා
9. උපාදාන
10. භව
11. ජාති
12. ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස,
උපායාස

16. විදර්ශනා ඥාණ සංග්රහය

1. සම්මස්සන ඥාණය
2. උදයබ්බයානුපස්සනා ඥාණය
3. භංගානුපස්සනා ඥාණය
4. භයතුප්පට්ඨාන ඥණය
5. ආදීනවානුපස්සනා ඥාණය
6. නිබ්බිදානුපස්සනා ඥාණය
7. මුඤ්චිතු කම්යතා ඥාණය
8. පටිසංඛානුපස්සනා ඥාණය
9. සංඛාරුපේක්ඛා ඥාණය
10. සච්චානුලෝමික ඥාණය
17. මාර්ග ඵල පිළිබඳ විග්රහය

1. සංයෝජන ධර්ම
2. සෝවාන් මාර්ගය හා ඵලය
3. සකදාගාමී මාර්ගය හා ඵලය
4. අනාගාමී මාර්ගය හා ඵලය
5. අරහත් මාර්ගය හා ඵලය

18. ආනිසංස සහිත පිරිත් දේශනා

1. දම්සක් පැවැතුම් සූත්රය
2. සච්ච විභංග සූත්රය
3. මහා මංගල සූත්රය
4. කරණීයමෙත්ත සූත්රය
5. මහ කාස්සපථේර බොජ්ඣංග සූත්රය
6. මහ මොග්ගල්ලානථේර බොජ්ඣංග සූත්රය
7. මහ චුන්දථේර බොජ්ඣංග සූත්රය
8. ගිරිමානන්ද සුත්රය
9. මහා සතිපට්ඨාන සූත්රය

භාවනා ක්රම

01. බුදුගුණ භාවනාව
02. බුද්ධ ඤාණසම්මර්ශන භාවනාව
03. බුදුගුණ අධිෂ්ඨාන භාවනාව
04. මෛත්රී භාවනාව
05. දිසා අනුදිසා අනුගත මෛත්රී භාවනාව
06. පාරමී පාදක කරගත් මෛත්රී භාවනාව
07. ඉවසීම පාදක කරගත් මෛත්රී භාවනාව
08. කායගතා සති භාවනාව
09. මරණානුස්සති භාවනාව
10. තිලක්ඛණ භාවනාව
11. ඉරියව් පාදක කරගත් සක්මන් භාවනාව
12. බුද්ධ ඤාණ සිහිපත් කරගත් සක්මන් භාවනාව
13. මෛත්රිය පාදක කරගත් සක්මන් භාවනාව
14. දෙතිස් කුණප සම්මර්ශණය පාදක කරගත් සක්මන්
භාවනාව
15. ආනාපාන සති භාවනාව

Kaushi has been handed over to Devika.

Yesterday we could rescue a pregnant cow and today she has been given to Devika who lives at Mahapathana. Kaushi was afraid as she felt what was going to happen before we rescued. Now she is safe and hopeful to be a mother near future. I am grateful to Sameera and all others for kind support. May everyone obtain merit and lead a peaceful journey!

The calf calls has been given to Wijesinghe

Wijesinghe lives in Welikanda that it is far away from Polonnaruwa. He is a very kind person and he has left home early morning at 3.00 am to have this calf. We know him well and we wanted to handover this calf to him. We gave name “Velvet” to this calf. I felt that Velvet is a tough minded one. He may live longer without having any conflict. May everyone obtain merit and find good health!

අපගේ මිතුරා විජේසිංහ ජීවත් වන්නේ පොලොන්නරුවට ගෙඩාක් දුරින් ඇති වැලිකන්දේ. මීට අවුරුදු කිහිපයකට කලින් අපි ඔහුට වසුපැටියෙකු නිදහස් කරදුන්නා. මේ වසු පැටියාගේ නම රාජු. රාජු ගමේ බොහෝ දෙනාගේ ආදරයට හා සුරතලයට පාත්‍ර වුනා. රාජු ගෙවල්වලට ගියහම සබන් කන්න පටන් ගත්තා. රාජු වැඩියෙන්ම කැමැති වුනේ Velvet නම් වූ සබන් කන්න. මේ නිසාම රාජුගේ සුරතල් නාමය Velvet වුනා.

හැමෝගේම ආදරය මධ්‍යයේ හැදුණු වැඩුණු රාජු සමීපයට නයෙක් පැමිණියා. රාජු නයාව ලෙවකන්න පටන් අරගෙන, ටික වෙලාවකින් නායා රාජුගේ දිවටම දෂ්ඨ කරලා. රාජු නයි විෂ නිසා මිය ගියා. රාජු මිය ගිහින් දැන් අවුරුද්දක් පමණ වෙනවා. විජේසිංහ, එයාගේ පවුලේ අය, එසේම ගම් වැසියෝ හා අසල් වැසියෝ මේ සිද්ධිය නිසා අධික කම්පාවට පත් වුනා. ගමේ බොහෝ දෙනා ඒ සිද්ධිය මතක් වුනහම දුක දැනෙන නිසා Velvet සබන් ගෙදරට ගෙන ඒමත් නතර කරලා.

අද අපි විජේසිංහට මේ පුංචි වසුපැටියා නිදහස් කරලා දුන්නා. මුල් පින්තූරවල ඉන්නේ අපි වසර කිහිපයකට පෙර නිදහස් කළ රාජු. පසු පින්තූර වල ඉන්නේ අද නිදහස් කළ වසුපැටියා. අද නිදහස් කළ වසු පැටියාට රාජුගේ සුරතල් නාමය භාවිතා කරන්න තීරණය කළා. ඒ අනුව එයාගේ නම Velvet. වෙල්වට් විජේසිංහ පවුලටත්, ගමටත් අසල්වාසීන්ටත් බොහෝම හිතවත් දරුවෙකු වෙනවා දකින්න අපි සතුටුයි.

වෙල්වට් සුවසේ සැපසේ බොහෝ කාලයක් නිරුපද්‍රිතව දිවිගෙවනවා ඇත යන්න අපගේ බලවත් විශ්වාසය හා ප්‍රාර්ථනාවයි!

සීලයෙහි මනාව පිහිටා, සමථ – විදර්ශනාවන් ඇසුරින් සමාධිය හා ප්‍රඥාව දියුණු කරගන්න පුලුවන්. එසේම උට්ඨාන වීර්යයත් ස්ථානෝචිත ප්‍රඥාවත් වඩාත් දියණු කරගන්න පුලුවන්. මේ කාරණාවන් මනාව දියුණු කරගන්නා වූ පුද්ගලයා ගැටලු විසඳාගන්නට සමත් වන අතර සාමකාමී – සහනශීලි ජිවිතයක හිමිකරුවෙකු වන්නේය. මෙම කාරණාව සම්බන්ධයෙන් වඩාත් උනන්දු වන්නට මා නිතැතින්ම කැමැත්තෙමි.