මිනිසත් බව ලැබීම සැබැවින්ම අප කාටත් වටිනවා. මේ මිනිසත් බව පුණ්‍ය ශක්තිය නිසා බබලවන්නට හැකියි. ප්‍රඥාව නිසා වඩාත් අර්ථවත්ව, ඵලදායී ආකාරයෙන් මෙහෙවන්නට පුලුවන්. මෛත්‍රිය හා කරුණාව එක්තැන් කොට බොහෝ දෙනාට උපකාර වෙන්නත් මේ මිනිසත් බව තුල මැනවින් ඉඩකඩ තිබෙනවා. තවත් වැදගත් කාරණාවක් වන්නේ, අවංකභාවය ගරු කොට සත්‍යවාදී වෙන්නත්, ඉවසීම ගරු කොට සියලු අපහසුතාවයන් දරාගන්නත් හැකිවීමයි. මේ හැමදේටම වඩා වටින්නේ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මනස මෙහෙයවීමයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ලත් ධර්මය දායාද කොටගෙන, මෙලොවත් පරලොවත් තේරුම් ගෙන, නිවන් පිණිස කටයුතු කරමු. තෙරුවන් සරණින් සියලු දෙනාටම යහපතක් වේවා!

Share !

Bookmark the permalink.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *